අධිවේගී පාරේ ලංගම
බස් ධාවනය අද ඇරැඹෙයි
අකිත පෙරේරා
ප්‍රථමයෙන් මේ සඳහා සුඛෝපභෝගී බස් රථ දෙකක් යෙදෙවෙයි. එහි රියෑදුරන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදුන් බව ද හෙතෙම කීය.
ආසන 42 කින් සහ රූපවාහිනියකින් ද සමන්විත මෙම බස් රථ තුළ අසුන්ගෙන ආසන පටි භාවිත කිරීම අනිවාර්ය වන අතර මහරගමින් උදේ 6.00, 08.00, 10.00, 12.30, 2.30 සහ සවස 4.45 යන වේලාවන්හිදී ද බස් ගමනාගමනය ආරම්භ කෙරෙනු ඇත.
ගාල්ලෙන්ද එම වේලාවන්ට බස් ගමනාගමනය සිදුකෙරෙන අතර මහරගමට පැමිණෙන මගීන්ට කොළඹ කොටුව බලා පැමිණීමට ද විශේෂ බස් රථ යොදවන බව ද සභාපතිවරයා කීය.
අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ද පැවැත්වීමට නියමිතය.
No comments:
Post a Comment